Ads Header

Pages

Thursday, September 19, 2013

The Mortal Instruments: City of Bones (2013) සෙවණැලි දඩයම් කරුවන්


සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව ඔයාලා හැම දෙනාටම. බලමු තවත විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් පදනම් කර ගෙන නිර්මාණය වූ තවත් චිත්‍රපටයක් Cassandra Clare විසින් රචිත The Mortal Instruments නවකතා මාලවේ පලමුවැනි පොත City of Bones 2007 වර්ෂයේ රචිත මෙම පොත පදනම් කරගෙන නිර්මාණය කරන ලද ත්‍රාසයජනක චිත්‍රපටයක්. නිව්යෝක් නගරයේ ජිවන ක්ලැරි ෆ්‍රේ (Lily Collins) තම මිතුරෙකු වන සයිමන් ලෙවිස් (Robert Sheehan) සමගින් යනව රාත්‍රි සමාජ ශාලාවකට. එහිදි ක්ලැරි ෆ්‍රේ හට දකින්නට ලැබෙන්නේ රාත්‍රි සමාජ ශාලාවෙහි මිනිසුන් ඉදිරිපිට සිදුවන මිනි මරුමක්. නමුත් ක්ලැරි ෆ්‍රේ හැර මේ ම්නිමරුවාව වෙන කිසිවෙකු දකින්නේ නැති නමුත් මිනිමරුවා දැන ගන්නවා ක්ලැරි ෆ්‍රේ විසින් තමා දැක්ක බව. ඉතින් මිනිමරුවා ක්ලැරි ෆ්‍රේ පිටුපස්සෙන්ම තම හැමදාම. දවසක් ප්‍රශ්න කරන්වා ක්ලැරි ෆ්‍රේ මිනිමරුවාගෙන් ඇයි වෙන කාටවත් ඔයාව පේන්නේ නැත්තෙ මට විතරක් පෙනෙන්නෙ ඇයි කියල. ඔහු නමින් ජෙසී වේලන්ඩ් (Jamie Campbell Bower). ඔහු අර්ධ දේව දුතයෙක්, එක එක ආකාරයේ යක්ෂ්‍යන් මරනයට පත් කරනව ලෝකය පුරම. ක්ලැරි ෆ්‍රේ හට පමණක් පෙනෙන්නේ ඇය මන්ඩේන් කෙනෙකු නොවන නිසා.(මන්ඩේන් යනු මනුස්ස ලොකේ කොනෙක් නොවන නිසා) ඔන්න ඔය අතරේ ක්ලැරි ෆ්‍රේ ගේ මව පැහැරගෙන යනව යක්ෂ්‍යන් විසින්. ඉතින් තමන්ගේ අම්මව හොයගෙන අපේ ලොකයෙන් වෙන ලොකයකටයන වික්‍රමාන්විත ගමනට කුමක් වෙයිද ? ඇය මන්ඩේන් කෙනෙකු නොවන්නේ කුමක් නිසද ? අර්ධ දේව දුතයන් සමග තිබෙන සම්බන්ධය කුමක්ද ? 


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Harald Zwart, නිශ්පාදනය කරල තියෙන්නේ Don Carmody, Robert Kulzer, තිර රචනය Jessica Postigo Paquette, සංගීතය Atli Örvarsson, සිනමා රූපනය Geir Hartly Andreassen, සංස්කරණය Michael Kahn, චිත්‍රාගාරය Constantin Film, බෙදා හැරල තියෙන්නේ Screen Gems (US), Entertainment One (UK), රට United States, Germany, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 130 minutes, ප්‍රචාරය වූ දවස August 21, 2013(US, Canada, UK), අයවැය වර්තාව US$60 million, බොක්ස් ඔෆිස් US$74,524,772.

රංගන දායකත්වය

Lily Collins as Clary Fray
Jamie Campbell Bower as Jace Wayland
Robert Sheehan as Simon Lewis
Kevin Zegers as Alec Lightwood
Lena Headey as Jocelyn Fray
Kevin Durand as Emil Pangborn
Aidan Turner as Luke Garroway
Jemima West as Isabelle Lightwood
Godfrey Gao as Magnus Bane
C. C. H. Pounder as Madame Dorothea
Jared Harris as Hodge Starkweather
Jonathan Rhys Meyers as Valentine Morgenstern
Robert Maillet as Samuel Blackwell
Stephen R. Hart as Brother Jeremiah
Elyas M'Barek as Vampire lieutenant
Chad Connell as Blue-haired demon


0 comments:

 
Blogger Templates