Ads Header

Pages

Tuesday, September 17, 2013

Elysium (2013) ක්ෂේමභූමියට ප්‍රහාරයක්



විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන්නට අපි කවුරුත් කැමැත්තක් දක්වනවා. මම මේපාර ගෙනාවේ ත්‍රාසයජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. 2154 වර්ෂයේ දී ලෝකය තාක්ෂණය අතින් ඉතා උසස් මට්ටමක තියෙන්නේ. මනුෂ්‍යයන් ලෝකයන් දෙකක් තුල ජීවත්වන්නේ. පිරිසක් පෘථිවිය තුල. අනෙක් පිරිස වෙනම ලොකයක හරියටම කිව්වොත් අභ්‍යවකාශයේ වෙනම ග්‍රහලෝකයක. මිනිස්සු හරිම සාමකාමී මොකද දුප්පත්කම නැති නිසා. තවද ලෙඩ රෝග නැත. ඒත් පෘථිවිය තුල ජීවත්වන මිනිසා හරිම දුප්පත්. ඒ නිසා ප්‍රශ්න වැඩි. මේ දුප්පත්කමින් පිරුනු පෘථිවිය තුල ජීවත්වන මිනිස්සු අභ්‍යවකාශයේ වෙනම ග්‍රහලෝකය වෙත ප්‍රහාරයන් එල්ල කරමින් තමයි ජීවත්වන්නෙ. ඒ සමානත්වය සඳහා. එත් අභ්‍යවකාශ ග්‍රහලෝකය ඉතාම බල සම්පන්න පද්දතියක් තියෙන්නේ. ප්‍රහාරයන් එල්ල කිරීමට අපහසුයි. පෘථිවියේ වෙසෙන මැක්ස් ඩි කොස්ටා (Matt Damon) ඔහු වැඩ කරන කර්මාන්ත ශාලාව තුල අනතුරකට මුහුන දෙනවා. ඒ අනතුරෙන් ඔහු බේරුනත්, පෘථිවියේ වෙසෙන ලමයෙකුට ලෙඩක් හැදෙනවා. එම ලෙඩ රෝගය සුව කරන්න ග්‍රහලෝකයට ගියොත්නම් පුලුවන් කියල මැක්ස් දැනගන්නව. ඉතින් මැක්ස් ග්‍රහලෝකයට ගිහින් සටන් කිරීම සඳහා ඔහුගෙ ඇඟට රොබෝ කෙනෙකුට සමාන මැෂිමක් සවිකරනව. ඒ මැෂිමක් එකට විතරයි පුලුවන් ග්‍රහලෝකයකයේ පද්දතියට හානියක් සිදු කිරීම සඳහා. මැක්ස් හට ග්‍රහලෝකයට ගොස් කුමක් කරයිද ? ඔහුට දිවිගලවා ගැනීමට හැකියාවක් තිබේද ? බලමු එහෙනම් ක්‍රියාධාම චිත්‍රපටයක්.


මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Neill Blomkamp, නිශ්පාදනය කරල තියෙන්නේ Neill Blomkamp, Bill Block, Simon Kinberg, ලියල තියෙන්නේ Neill Blomkamp, සංගීතය Ryan Amon, සිනමා රූපනය Trent Opaloch, සංස්කරණය Julian Clarke, Lee Smith, චිත්‍රාගාරය Alphacore, Media Rights Capital, QED International, බෙදා හැරල තියෙන්නේ TriStar Pictures, රට United States, භාෂාව English, Spanish, ධාවනය වන මිනිත්තු ගනන 109 minutes, ප්‍රචාරය වූ දවස August 9, 2013 (US), August 21, 2013 (UK), අයවැය වර්තාව US$115 million, බොක්ස් ඔෆිස් US$232,388,000.

රංගන දායකත්වය

Matt Damon as Max Da Costa
Maxwell Perry Cotton as young Max
Jodie Foster as Secretary of Defense Jessica Delacourt
Sharlto Copley as Agent C.M. Kruger
Alice Braga as Frey Santiago
Valentina Giros as young Frey
Diego Luna as Julio
Wagner Moura as Spider
William Fichtner as John Carlyle
Brandon Auret as Drake
Josh Blacker as Crowe
Emma Tremblay as Matilda Santiago
Jose Pablo Cantillo as Sandro
Faran Tahir as President Patel
Adrian Holmes as Manuel
Jared Keeso as Rico
Carly Pope as CCB agent
Ona Grauer as CCB agent


එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

0 comments:

 
Blogger Templates