Ads Header

Pages

Sunday, September 22, 2013

Getaway (2013) මෝටර් රථ ධාවකයාගේ ඉරණම


සුබ සුබ දවසක්. ඔන්න මම ගෙනවා තවත් ක්‍රියාදාම චිත්‍රපටයක්. 1972 වර්ෂයේ තිරගතවු The Getaway චිත්‍රපටය පදනම් කරගෙන නිර්මාණයවු තවත් අපුරු නිර්මාණයක්. බ්‍රෙන්ට් මැග්නා (Ethan Hawke) මෝටර් රථ ධාවකයෙක්. දිනක් ඔහු නිවස බලා එනවිට හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාදවෙනව. නන්නාඳුනන කෙනෙක් කතා කරල කියනවා පැහැරගෙන ගිහින් බිරිඳව. එම පුද්ගලයා කියනවා ඔහු විසින් දෙන නියෝග නිවැරදිව පිලිපැද්දොත් බිරිඳ ජිවත් වෙවි කියල. ඔහු හට ලැබෙනවා අලුත්ම මෝටර් රථයක්. නන්නාඳුනන පුද්ගලයාගේ උපදෙස් ලැබෙනතුරු මෝටර් රථගලේ සිටිනවිට ගැහැණු ලමයෙක් විසින් තුවක්කුවක් මැග්නා වෙත එලල කර මෝටර් රථය පැහැරගැනීමට තැත් කරනවා. නමුත් මෝටර් රථය පැහැරගැනීමට ලැබෙන්නේ නැහැ.ඔහු විසින් දෙනු ලබන නියොග හරිම අමුතු එව්ව. නියෝග රශියක් දෙනවා. මැග්නා හට නන්නාඳුනන පුද්ගලයා විසින් දෙනු ලබන නියෝග නිවැරදිව පිලිපදින්න හැකියවක් තිබේද ? මැග්නාගේ මෝටර් රථය පැහැරගැනීමට තැත් කල ගැහැණු ලමයා කුමන අකාර්යෙන් උදව් කරයිද ? මැග්නාගේ බිරිඳ ජිවත් වෙයිද ? බලමු එහෙනම් තවත් චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Courtney Solomon, නිශ්පාදනය කරල තියෙන්නේ Steve Richards, Moshe Diamant, Joel Silver, Courtney Solomon, ලියල James Vanderbilt, සංගීතය Justin Burnett, සිනමා රූපනය Yaron Levy, සංස්කරණය Ryan Dufrene, චිත්‍රාගාරය Dark Castle Entertainment, Signature Entertainment, After Dark Films, Silver Reel, බෙදා හැරල තියෙන්නේ Warner Bros. Pictures, රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 94 minutes, ප්‍රචාරය වූ දවස August 30, 2013, අයවැය වර්තාව US$18 million, බොක්ස් ඔෆිස් US$10,042,196.

රංගන දායකත්වය

Ethan Hawke (Brent Magna)
Selena Gomez (The Kid)
Jon Voight (The Voice)
Rebecca Budig (Leanne Magna)
Paul Freeman (The Man)
Bruce Payne (Distinguished Man)


0 comments:

 
Blogger Templates