Ads Header

Pages

Thursday, October 3, 2013

Prisoners (2013) දරුවන් අහිමිද


සුබ සුබ දවසක්. ඔන්න මම ගෙනවා තවත් ත්‍රාසයජනක චිත්‍රපටයක්. තමන්ගේ ලෙයින් උපන් දරුවන්ට එම දරුවන්ගේ අම්මා තාත්තා ගොඩක් ආදරෙයි වගේම කොයි දරුවන්ටත් කවුරුත් ආදරෙයි. එත් මේ ලෝකයේ මනුස්සකමක් ගෑවිලාවත් නැති දරුවන්ට අදරයක් නැති මිනිසුන් ජිවත් වෙනවා. අන්න එවැනිම මිනිස්සු සිටින චිත්‍රපටයක් Prisoners (2013). කෙලර් ඩොවර් (Hugh Jackman) සහ ඔහුගේ බිරිඳ ලමයා සමගින් ඔවුන්ගේ අසල්වැසි නිවසකට යනවා දහවල් කෑමකට. එහි සතුටු සාමිචිචියේ යෙදී සිටිනවිට කෙලර්ගේ දුව ඇනා විසින් පවසනවා ඇයගේ යලුවා ජෝයි ගෙදරට එක්කගෙන ගිහින් එන්නද කියල. ඉතින් ඔය ලමයි දෙදෙනා ඇනාගේ නිවස වෙත යනවිට පැහැරගැනීමකට ලක් වෙනව. ඉන් පසුව කෙලර් ඩොවර් ලමයි දෙදෙනා සොය ඔහුගේ ගෙදරට ගියත් ඔවුන් එහු නොමැත. තව තවත් ඔවුන් සොයා බැලුවත් ඔවුන් නොමැතිකම නිසාවෙන් රහස් පරීක්ෂක ඩිටෙක්ටිව් ලොකී (Jake Gyllenhaal) හට භාර වෙනව මේ ගැන සොයන්න. නමුත් ලොකී විසින් සැකකරුවෙක් අත් අඩංගුවට ගත්තත් ඔහු හට  නිදහස ලැබෙනවා. එතනින් පසු කෙලර් නිතිය අතට අරගෙන ලමයි සෙවිමේ කටයුතු ආරම්භ කරනවා. කෙලර්  හට ලමයි දෙදෙනා සොයා ගැනීමට  හැකියාවක් තිබේද ? ඔහු නීතිය අතට ගැනීමෙන් දඬුවම් ලැබිමට සිදුවන්නේද ? 

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණ කරල තියෙන්නේ Denis Villeneuve, නිශ්පාදනය කරල තියෙන්නේ Broderick Johnson, Kira Davis, Andrew A. Kosove, Adam Kolbrenner, ලියල Aaron Guzikowski, සංගීතය Jóhann Jóhannsson, සිනමා රූපනය Roger A. Deakins, සංස්කරණය Joel Cox, Gary D. Roach, චිත්‍රාගාරය Alcon Entertainment, බෙදා හැරල තියෙන්නේ Warner Bros., රට United States, භාෂාව English, ධාවනය වන මිනිත්තු ගනන 153 minutes, ප්‍රචාරය වූ දවස August 30, 2013 (Telluride Film Festival), September 20, 2013, අයවැය වර්තාව US$48 million, බොක්ස් ඔෆිස් US$46,821,000.

රංගන දායකත්වය

Hugh Jackman as Keller Dover
Jake Gyllenhaal as Detective Loki
Viola Davis as Nancy Birch
Maria Bello as Grace Dover
Terrence Howard as Franklin Birch
Melissa Leo as Holly Jones
Paul Dano as Alex Jones
Dylan Minnette as Ralph Dover
Zoe Borde as Eliza Birch
Erin Gerasimovich as Anna Dover
Kyla Drew Simmons as Joy Birch
Wayne Duvall as Captain Richard O'Malley
Len Cariou as Father Patrick Dunn
David Dastmalchian as Bob Taylor
Jeff Pope as Elliot Milland

එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන එන්නම්. ජය ශ්‍රි !!!

0 comments:

 
Blogger Templates